ඇල්පිටිය, තණබද්දෙගමදී 1945 අගෝස්තු 7 වෙනිදා එල්ලමුල්ල කපුගේ ගුණදාස උපත ලබනවා. කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයෙ න් අධ්‍යාපනය අරඹන ඔහු පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විධ්‍යාලයට ඇතුලත් වෙනවා. මුලින්ම විද්‍යා අංශයෙන් ඉගෙනුම අරඹන ඔහු, පසුව සංගීත අංශය තෝරාගන්නවා ඒ 1963දි. ඉන්දියාවේදි සංගීතය පිලිබඳ වැඩිදුර ඉගෙනගන්නා ඔහු සංගීතය පිළිබඳ උපාධියක් ලබාගන්නවා. පසුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා එක්වෙනවා. ඒ 1969 දි. 1975දී ඔහු වැඩසටහන් නිශ්පාදකවරයෙක් විදියට වැඩ ආරම්භකරනවා. රජරට සේවයේ සංගීත අංශයේ ප්‍රධානියා විදියට 1981දී ඔහු වැඩ භාරගන්නවා.. 1978දී ප්‍රේමා විතානගේ සමගින් ඔහුගේ විවාහ දිවිය ඇරඹෙනවා.. ඔහුගේ පලමු සංගීත නිර්මාණය 1973දි "දෑස නිලුපුල් තෙමා" යනුවෙන් එලිදකිනවා.. බොහොම කෙටි කාලයක් තුල එය ජනප්‍රිය වෙනවා.. ඒ ශ්‍රේණියේ ගායකයෙකු විදියට රේඩියෝ සිලෝන් එකෙන් නම් කිරීමට තරම් ඔහු ඒ වෙද්දි උසස් තැනකට ඇවිත් තිබුනා.. ටෙලිනාට්‍ය සඳහා පසුබිම් සංගීතය සැපයීමේ ඇරඹුමක් විදියට "තුරඟ සන්නිය" ටෙලි නාට්‍යය සඳහා ඔහුගේ දායකත්වය ලබාදෙනවා.. තව ඉතා ප්‍රසිද්දියට පත්වුන වේදිකා නාට්‍යැයක් වන "තා...