අපි Get link Facebook X Pinterest Email Other Apps - April 21, 2014 සමහර වෙලාවට බෙදාගෙන කනවා සමහර වෙලාවට බදාගෙන කනවා සමහර වෙලාවට නොකා, කෑවා වගේ ඉන්නවා සමහර වෙලාවට කාලා, නොකෑවා වගෙත් ඉන්නවා ඔය කොයි *දේත් අපිට නොදැනීම අපිවම කනවා Get link Facebook X Pinterest Email Other Apps Comments
කොරෝනා කාලේ ආලේ - March 23, 2020 රැයත් දහවලත් පමණක් නොව උදයෙත් එක ලෙස එලිය දෙන උඹ මට මිණි පහණක් ලදොත් සෙනෙහසක් සිසිලක් සැනසීමක් නුඹගෙන් පමණි මා ලැබුවේ ජීවිතයත්.. ඉන්නට නොමවැටී රත්වුන මහ පොලවෙත් සිහිලක් සැනසුමක් නැති මේ ජීවිතයෙත් බැල්මෙන් පවා නිවුනාවූ ආත්මයත් ණයගැති වේය නූපන් ඇය මෙන්ම මමත්.. Read more
- July 14, 2016 දැන් ප්රශ්න ගොඩකින් තැලිලා පොඩි වෙලා හිටියට, ඉපදෙනකොට අපි අරන් ආවේ බඩගිණ්න විතරයි මචං.. Read more
Father's Day 2021 - June 20, 2021 පුතේ යම් මතු දිනෙක මෙය කියවා බැලුවොතින් මා පිය සෙනේ කොතෙක්දැයි දැනෙයි නුඹටත් ඉතින් පුතේ විහේන්, අද 2021-06-20 ලෝක පියවරුන්ගේ දිනය. මට අද වාගෙම මතකයි කලුපාට තිරයේ සුදු පාට චූටි බෝලයක් වගේ පෙනුන ඡායාව පුතුගේ බව කිව්වා. ඇස්වල කඳුලු හන්ගගෙන අම්මගෙ ඇස් දිහා මම හොරෙන් බැලුවා. අම්මත් හිටියේ ඇස්වල කඳුලු පුරවන්. දවස් ගෙවීගෙන යද්දි කොරෝන වයිරස් එක ලෝකෙම ගිලගෙන එද්දි මගෙ පුතාව ආයෙත් බලන්න එන්න මට බැරිවුනා. ඩොක්ටර් ඇතුලට අරගත්තෙ අම්මව විතරයි. ඒ විනාඩි කිහිපය මම ගතකරේ පුදුමාකාර බයකින්. ඒ වගේම ලොකු දුකකුත් මගෙ හිතේ තිබ්බත් මම කවදාවත් අම්මටවත් ඒක පෙන්නුවේ නෑ. පුතේ ඔයාගෙ අම්මත් මේ ලෝකේ ඉන්න ශක්තිවන්තම ගැහණියක්. ඒ ඇස් වල මම කවදාවත් බයක් කියලා දෙයක් දැක්කේ නෑ. ඩොක්ටර් අන්කල් කියන කරන හැම දේකටම තනියම මුහුන දුන්නේ පුතාගේ අම්මා. ඇඳිරි නීතිය රට පුරාම තිබ්බ නිසා, අම්මගෙයි පුතාගෙයි ලන්ග්නටවෙලා ඉන්න අවස්තාව ලැබුන එකත් මම ලබපු වාසනාවක් කියලත් මට වෙලාවකට හිතුනා. පුතේ අම්මගෙ බන්ඩිය ටික ටික ලොකුවෙද්දි, අම්මා ලොකු බරක් උහුලගෙන හිටියා පුතේ. වෙලාවකට අම්මව දකිද්දි මට දැනුනේ මහා බයක්. ඒ බරින් ටිකක් හරි මටත් ගන්න ... Read more
Comments
Post a Comment