බොරැල්ල, කොටා පාරේ, දර්මපාල මාවතට හැරෙන තැනම තොයෙනවා ටිකක් ලොකුවට හදපු බුදු මැදුරක්..
අද හවස ඔතනින් එද්දී වැස්ස ලාවට පටන්ගෙනයි තිබුනේ..
බස් එකේ ජනෙල් වීදුරුව අස්සෙන් මම දැක්කා, විදේශික තරුණයෙක් කුඩෙකුත් ඉහලගෙන, බුදුමැදුර ඉස්සරහා හිටගෙන, වැඳගෙන මොනවදෝ කියනවා..
බොහෝ විට ඔහු බුදුන් වඳිනවා වෙන්න පුලුවනි..
බස් එකේ ඉඳපු මිනිස්සු, පාරේ ඇවිදන් ගිය උන්, ඒ මනුස්සයා දිහා හැරි හැරී, ඉස්සි ඉස්සි බැලුවේ,
ජීවිතේ පලවෙනි වතාවට කොල්ලෙක් බුදුන් වඳිනවා දැක්කා වගේ...

ඔව් ලංකාව වගේ ලොකුවට ලොරි ටෝක්දෙන බුද්දාගමික රටකට ඕවා මැජික් තමයි..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...