හිතට බර වැඩි
දුක පිරුන කවි
තවම ඉඳ හිට
හිතට එනවා

නෙතට බර වැඩි
දුක පිරි කඳුලු
තවම ඉඳහිට
නෙතට එනවා

හිතට එන කවි
කඳුලින් අකුරු කර
නුඹේ නමින් මෙහි
ලියා තබනවා..

නුඹත් ඉඳහිට
හෝ ඇවිත් මෙහි
බලා යන බව
මට දැනෙනවා..

වෙනදටත් වැඩියෙන්
හෙටත් මට නුඹේ
ආදරේ නැති දුක
තව දැනෙනවා...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...