පට්ට අව්වට
කාලයක් තිස්සේ
වේලිලා කරවී ගිය
මහ පොලවට

හදිසියේම
ඇද වැටුන කෙටි වැස්සේ සිසිලසින්
ඉපිලගොස් ගස් වැල්
දූවිල්ල පරයා
නැගී සිට නැටූ හැටි..

පස්සේ ආයෙත්
සුපුරුදු අව්වට
වේලිලා කරවුන හැටි...

_______________

ඒ වැස්සත් - නුඹේ ආදරයත්
වියලි පොලවත් - තනිවුන මමත්

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021