වෙනදා එක දිගට ඇසුන ටින් ටින්, චික් චික්, කිචි බිචි හඬ අතරට බෲම් බීප් බීප් හඬ එකතුවී ඇත. එදා මා දුටු පොඩි පොඩි කැලෑ ඉඩම් වල අද ගෙවල් ඉදිවී ඇත. එදා සරුසාර වෙල් එලිය අද පුරන් වී ඇත. පායන කාලෙට එල්ලේ ගසන්නට රොක්වූ කොල්ලන් අද නැත. විසිල් එකකින් හූවකින් එක්වූ මා මිතුරන් ආගිය අතක් නැත.
හුලන් ඇති කාලයට අහසේ තිබූ සරුන්ගල් අද නැත. ඉස්සර එක වාරෙකට සරුන්ගල් පනහක් හැටක් වුව සෑදීමට මා මැලි නොවුනි. එය ඒතරම්ම සුන්දරවූ අත්දැකීමකි. ගෙදර ගස්වල ගෙඩි තිබියදී අල්ලපු ගෙදරක වත්තකට පැන හොරෙන් කුරුම්බා බිව්වේ, හොර කුරුම්බා එතරම් රසවත් බැවිනි.

"යාලුවෝ අද නැත, වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ"

____

මතුසම්බන්දයි

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...