එකා පිට එකා මැරී වැටී නුඹ..
ගත් නිදහස අගේ නෑ එදා වගේ අද..

ආවොත් නැගිටලා ආයෙත් වලෙන් නුඹ..
සත්තයි ගසා දමනවා මහ රජාගෙ හිස...

නිදහස කියා කිව්වත් හැමතැනම අද..
ජීවිත යුද්දය ඉවර නෑ තවමත් එහෙම වෙත...

කොසොල් රජුනි සිටියා නම් නුඹත් අද..
මේවා නේද දුටුවේ මම කියනු ඇත..

අම්මව මරාගෙන කනවා රජ පවුල අද..
මේ අවනඩුව විසඳන්නේ කවුද හෙට..

හෙට උපදිනා උන් හට මෙහි ඉඩක් නැත..
පස මහ බැලුමේ මේ දේශය තවත් නැත..

අහස දෙස බලා හඬනා ලක් මෑණි නුඹ..
කියනා දේ අසන්නට උන් සිටීද හෙට..

____________________

රට වෙනුවෙන් කැපවූ සියලු විරුවණි, නුඹ ඇදහූ ආගමකට අනුව මතු උපදින භවයකදී සැනසීම ලැබේවා

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...