මගේ ජීවිතෙත් එක්ක බැඳුනු හදවත පුරාම ලියවුනු සුඳරතම බලාපොරොත්තුවක් තිබුනා.. අදටත් තියෙනවා.. මගේ හදවතේ හැමදාමත් ජීවත් වෙන ඔයාව.. එකම එක මොහොතක් හරි ඇස් දෙකෙන් දැකගන්න.. හීනෙන් මවපු ඔයාගෙ සුවඳ එක මොහොතකට විඳගන්න...
Posts
Showing posts from 2012
- Get link
- X
- Other Apps
දුටිමි කාටත් සෙවන දුන් කාටත් පෝෂනය දුන් මහා රූස්ස ගසක් මහ හයියෙන් හඬා වැලපෙමින් අවසන් වරට පොලව සිපගත් මොහොත.. නුඹ පළමු වැනියාවත් අන්තිමයාත් නොවෙයි.. අකාලයේ මියැදෙන තවත් ගසක් පමණයි... ගස් වැද්දන් හමුවේ නුඹලා අසරණ වනු ඇත... නමුත් දවසක නුඹ සැම වෙනුවෙන් මහ පොලව උත්තර බඳිනු ඇත... එදින තව බොහෝ ඈතක නොවෙයි...
- Get link
- X
- Other Apps
දුටිමි කාටත් සෙවන දුන් කාටත් පෝෂනය දුන් මහා රූස්ස ගසක් මහ හයියෙන් හඬා වැලපෙමින් අවසන් වරට පොලව සිපගත් මොහොත.. නුඹ පළමු වැනියාවත් අන්තිමයාත් නොවෙයි.. අකාලයේ මියැදෙන තවත් ගසක් පමණයි... ගස් වැද්දන් හමුවේ නුඹලා අසරණ වනු ඇත... නමුත් දවසක නුඹ සැම වෙනුවෙන් මහ පොලව උත්තර බඳිනු ඇත... එදින තව බොහෝ ඈතක නොවෙයි...
__ගොළු හදවත
- Get link
- X
- Other Apps
දුටුව මුල් දිනේම බැඳුනා සෙනෙහෙන් මුළු හදින්ම නුඹේ දෙනුවන් දුටුවනම දොඩමලු උනා මා නෙත් සමග ඔබට නොදැනුනාට මම එන්න ඇති නුඹ පසු පසම නුඹේ සෙවනැල්ලත් සමග පොරබදමින කතාවකට එක් වන්නට සිතුවත් මා සෑම උදෑසනකම එය සිහිනයක් වුනා නුඹ නෙත ගැටෙන සෑම මොහොතකම දරාගත්තේ බොහොම අමාරුවෙන් නුඹයි මගේ පළමු පෙම නුඹ දුටුවාද බියෙන් ගොළු වූ දෙතොල් නුඹට ඇසුනාද වේගවත්ව නැගෙන ලබ් ඩබ් හඬ නුඹත් මා දෙසම හැරි හැරී බැලුවාට මමත් නුඹ මත්තෙම නැහි නැහී උන්නාට තව තවත් ආදරෙන් මා බැඳුනාට නුඹට නොවේ දැනුනේ මගේ ගොලු හදවත කාලය අප අතරින් ගෙවී ගිය සඳ අයිති වෙලා නුඹ ගට ඇති තවෙකෙකුට තනි වෙලා මා ගොළුවූ හදත් සමගම තවත් දන්නේ නෑ නුඹ, මා නුඹට පෙම් කල බව
__අඳුරේ ලොව දකිනා නුඹ වෙනුවෙන්
- Get link
- X
- Other Apps
මුලින්ම මම දුටුවේ නුඹ වර්ශ දෙසහස් අටේ කොල්ලු පිටිය හන්දියේ රැකියාවට ආ දිනේ දෑස අහිමි නුඹ සිටියේ කොට්ටන් ගහ හෙවනේ අද හවසත් මම දුටුවා නුඹේ රුව කලු අම්මේ උදේ ඉඳන් රෑ වෙනතුරු ගහ මුල නුඹ රැක්කේ බඩ ගින්දර නිවාගන්න නුඹේ හා නුඹේ පුතුගේ දෑස නැතත් අම්මේ නුඹේ වෙර වීරිය අගේ අනෙකුන් මෙන් නුඹේ පුතාද අකුරට නුඹ යැව්වේ වසර ගනන් ගෙවී ගියත් නුඹ තාමත් ගහ සෙවනේ වෙනදා වගේම කාගෙත් පිහිටෙන් දිවියම රැකුනේ දින ගෙවිලා ගොස් නුඹේ පුතු හපනෙකු වෙයි අම්මේ එදිනට වත් නුඹේ ඔය බර සැහැල්ලුවෙද අම්මේ.. *කවදා හරි දවසක කොල්ලුපිටිය හන්දියට ගියොත්, බැන්කුව ඉස්සරහා, පාරෙන් අනිත් පැත්තේ තියෙන කොට්ටඹ ගහ යට ඉන්න මේ ඇස් නොපෙනෙන වයසක අම්ම නුඹගේ නෙතටත් අසු වේවි...
__මැශිමක් අවශ්‍යයි
- Get link
- X
- Other Apps
කාමරේ පුරවලා විසිරුණු මගේ කවි සිතිවිලි එකතු කරන්.. දාලා තිබ්බා පස්සේ ගන්නට රිසයිකල් බින් එකට.. අද උදේ ඇහැරිලා බලනකොට මෙන්න තියෙනවා හිස් වෙලා ඒක.. කෝ යකෝ මගේ සිතිවිලි ටික.. අම්මා ගෙනිහින් ඒවා දාලා නගර සභාවේ කුණු ලොරියට.. දැන් ඉතින් කොහොමද වෙන් කරගන්නේ මගේ කවි සිතිලි ටික.. එක එක ඒවා දාලා හදපු කොත්තුවකින් පුළුවනිද වෙන් කරගන්නට දාපු දේවල් වෙන වෙනම.. හම්බ උනොත් ඔබට කොහෙන් හරි එහෙම මැශිමක්.. දෙනවද මටත් දාලා බලන්නට ට්‍රයි එකක්..
සොහොන හන්දිය - 2
- Get link
- X
- Other Apps
කලින් කොටස මිස් උන අය මෙතනින් බලන්න.. මේ වෙද්දි වෙලාව රෑ දොලහ කිට්ටු කරලා ඇති, බල්ලෝ උඩබුරලන සද්දෙයි, රැහැයියන්ගේ සද්ද, වවුල් බකමූනු සද්ද ඇරුනාම වෙන සද්දෙකට කියලා තිබ්බේ මගේ ඉක්කාවේ සද්දෙයි, අඩි සද්දෙයි විතරයි.... ඉක්කයි මමයි ගාලු ගියා, ඉක්කා තියලා මං ආවා... සිය පාරක් කිව්වත් ඉක්කා නෙමෙයි මාව දාලා ගියේ.. ඔහොම ඉස්සරහට ඇවිදන් යද්දි යාන්තමට වගේ මම දැක්කා පහන් එලියක් වගේ මොකක් හරි සොහොන් පිටියේ ඈත කෙලවර හරියෙන්.. මගේ උසට හැදුන තන කොල / තණ කොල (අකුර ශුවර් නෑ ) අස්සෙන් යන්තම් තමඉ මන් ඔය එලිය දැක්කේ... මට මතක විදියට සොහොන් පිටිය මැද්දෙන් ගියත් දුර මීටර් පන්සීයකට වඩා අඩු උනේ නෑ. මේ වෙලාවට ඉතින් ඕකේ ගානක් නෑ.. මොකෝ වැඩි දුරක් පේනවා කියලයැ.. මෙහෙම වෙලාවට ඉතින් පුරුද්දට වගේ සින්දුවක් කිය කියා තමයි යන්නේ. තව ටිකක් විපරමෙන් බලද්දි මම දැකා ගොක් කොල වාගේ මොනවා හරි ලාවට හමාගෙන ගිය හුලඟට නටනවා.. මම යන පාර වැටිලා තිබ්බෙත් ඔය පේන එලිය පැත්තෙන්. යකාටවත් බය නෑ කිව්වට මගේ හිතටත් පොඩි බයක් නොදැනුනා නෙමෙයි. ආපහු හැරිලා යන්නත් කම්මැලියි.. ඕන මගුලක් කියලා, ඔන්න ඔහේ ඉස්සරහට ඇවිදන් ගියා...
සොහොන හන්දිය - 2
- Get link
- X
- Other Apps
ක කලින් කොටස මිස් උන අය බලන්න.. මේ වෙද්දි වෙලාව රෑ දොලහ කිට්ටු කරලා ඇති, බල්ලෝ උඩබුරලන සද්දෙයි, රැහැයියන්ගේ සද්ද, වවුල් බකමූනු සද්ද ඇරුනාම වෙන සද්දෙකට කියලා තිබ්බේ මගේ ඉක්කාවේ සද්දෙයි, අඩි සද්දෙයි විතරයි.... ඉක්කයි මමයි ගාලු ගියා, ඉක්කා තියලා මං ආවා... සිය පාරක් කිව්වත් ඉක්කා නෙමෙයි මාව දාලා ගියේ.. ඔහොම ඉස්සරහට ඇවිදන් යද්දි යාන්තමට වගේ මම දැක්කා පහන් එලියක් වගේ මොකක් හරි සොහොන් පිටියේ ඈත කෙලවර හරියෙන්.. මගේ උසට හැදුන තන කොල / තණ කොල (අකුර ශුවර් නෑ ) අස්සෙන් යන්තම් තමඉ මන් ඔය එලිය දැක්කේ... මට මතක විදියට සොහොන් පිටිය මැද්දෙන් ගියත් දුර මීටර් පන්සීයකට වඩා අඩු උනේ නෑ. මේ වෙලාවට ඉතින් ඕකේ ගානක් නෑ.. මොකෝ වැඩි දුරක් පේනවා කියලයැ.. මෙහෙම වෙලාවට ඉතින් පුරුද්දට වගේ සින්දුවක් කිය කියා තමයි යන්නේ. තව ටිකක් විපරමෙන් බලද්දි මම දැකා ගොක් කොල වාගේ මොනවා හරි ලාවට හමාගෙන ගිය හුලඟට නටනවා.. මම යන පාර වැටිලා තිබ්බෙත් ඔය පේන එලිය පැත්තෙන්. යකාටවත් බය නෑ කිව්වට මගේ හිතටත් පොඩි බයක් නොදැනුනා නෙමෙයි. ආපහු හැරිලා යන්නත් කම්මැලියි.. ඕන මගුලක් කියලා, ඔන්න ඔහේ ඉස්සරහට ඇවිදන් ගි...
- Get link
- X
- Other Apps
මම හරි ආසයි හවසට නුවර වැව වටේ ඇවිදින්න යන්න මාලිගාව දිහා දුර ඉඳන් බලාගෙන ඉන්න ඒත් මම ආස නෑ මාලිගාව ඇතුලට ගිහින් වඳින්න මෙතන ඉඳන් බලාගෙන ඉද්දි පේන්නේ කොට සායවල්, සුදු කකුල් විතරයි හිත පොඩ්ඩක් හරි පාලනය කරගන්න පුළුවන් ඒත් මාලිගාවේ ඇතුලට ගිහින් වාඩිවෙලා වඳිනකොට හිත ඇහැ කොහේ යනවද කියලා මමවත් දන්නේ නෑ කොටින්ම එතනට ගිහින් පුරවගන්න වෙන්නේ මහා පව් ගොඩක් මේක බලන උන් කියයි මං මහා පවු කාරයෙක් ලංකාවේ උතුම්ම තැනට අපහාස කලා කියලා ඒත් මම එහෙම කලාද...?
අගක් මුල නැති කතාවක් - 3
- Get link
- X
- Other Apps
ක.. කව්ද ඔය.. අහුනේ හීන් කෙඳිරියයි ලොකු කැස්සකුයි එක්ක... අද එලිවෙනකන් ඉන්න වෙන්නෙ මට මූත් එක්ක තමුසෙට ක්ශය රෝගෙද ඕයි.. අහන්න හිතුනට ඇහුවේ නෑ.. මේක මුගේ ගම නාකිවෙලා හිටියට මොකද මුගේ බැල්ම එච්චර හරි නෑ.. ඒ උනාට මමත් පොඩ්ඩක් සැරෙන් වගේ ඉන්න ඕනේ.. මේ මම... මම එහෙම කිව්වට ඌට ඒක ඇහුනෙත් නෑ හීනෙන් වගේ දොඩවනවා හීනෙන් දොඩවන එක මහ වදයක් ඕයි... අපේ ගෑනි දවසක් මට ඕක කිව්ව හීනෙන්වත් නිදහසේ කතා කරන්න ඉඩක් නැති හැටි.. ඔය නිදහස කියන එක හම්බුනේ සෑහෙන කාලෙකට උඩදිලු හම්බුනා කිව්වට ඕක කොහේ හන්ගලා තියෙනවාද මන්දා.. හැන්ගි මුත්තන් කෙලියේ අපි පොඩි කාලේ මට මතකයි ඒ කාලේ අපේ ගමේ එවුන් එක්ක හරි හරියට විසේ කොලා දැන් කාලේ උන්ට ඕවට වෙලාවක් නෑ... අර වෙලාවල් බලන උන්දැත් ඊයේ පෙරේදා මියදුනානේ උන්දෑගේ පුතා තමයි දැන් වැඩේ කොරන්නේ... ඕකා මහ බොරු කාරයා... ලොකු මේසයක් තියෙද්දි අර යකා පොඩි බන්කුවක ගුලි වෙලා බුදි... එලියේ බන්කුවක් තියෙද්දි බල්ලා ගුලි වෙලා බිම බුදි... හ්ම්ම්... ඕන් එහෙනම් මමත් බුදි..
අගක් මුල නැති කතාවක් - 2
- Get link
- X
- Other Apps
සිගරට් බොන එක මහ නරක පුරුද්දක් පිලිකා හැදෙනවලු ඕයි.. ගුලිවෙලා නිදියන ඌට කෑ ගහලා කියන්න හිතුනා මට ඒත් වැඩක් නෑ... ඌට ඒක හැදුනා කියලා අමුතුවෙන් මොනවා වෙන්නද අඩු ගානේ ඒ ගැන කියලා කීයක් හරි හොයාගන්නවත් පුලුවන් ඔය මීදුම කියන එක... ආහ් මීදුම ගලන වෙලාවට තමයි එයා ආවෙ උනු උනු කෝපි එකක් අරන් එයා ඇඳලා හිටියේ දිගම දිග ගව්මක් මම බය උනා ඒක පෑගිලා වටෙයි කියලත්... ආහ් ඔය ගව්ම අරන් තිබ්බේ ඉරිදා පොලෙන් ඔය පොලට තමයි ගමේ කවුරුත් බඩු ගන්න ආවේ පොල තිබ්බ තැනට පොඩ්ඩක් එහායින් තිබුනා ලොකු තාප්පයක් ඕකේ ලොකුවට ගහලා තිබුනා මෙහි මුත්‍රා කිරීම තහනම් කියලා ඒක මට පේන්නෙම හරියට මෙහි මුත්‍රා කරපන් කියන්න වගේ.. මෙන්න ඒකම ගහලා ඉස්ටේශමෙත් මෙච්චර හොඳ වැසිකිලියක් තියෙද්දි අයි මේ මිනිස්සු ඒකෙ බිත්තියටම ඕක කරන්නේ... ආයෙත් මම ආවා අර කාමරේ දොර ලඟට ආවේ පොඩි කෙඳිරියක් විතරයි.. ඒ කියන්නේ ඌ තාමත් පන පිටින්...
අගක් මුල නැති කතාවක්
- Get link
- X
- Other Apps
වෙලාවා පාන්දර හතරයි තිහයි.. කෝච්චිය නැවැත්තුවා නානුඔය ඉස්ටේසමේ.. මං ආපු කෝච්චිය මාවත් පහු කරන් ගියා මීදුමේම නොපෙනී හූවක් කියාගෙන වේදිකාවේ දෙපැත්ත බැලුවේ කවුරුත් ඉන්නවාද බලන්න ඒත් පේන මානේ කිසි කෙනෙක් නෑ.. සීතලේ ගුලි වෙලා නිදන බලු කුක්කෙක් ඇරුනාම පට්ටම සීතලයි මට දැනුනේ හරියට ෆ්‍රිජ් එකක් ඇතුලේ ඉන්නවා වගෙයි.. ටිකක් දුර වේදිකාව දිගේ ඇවිදන් යද්දි මට හම්බුනා වතුර කරාමයක් ඒකෙන් එන්නෙත් කූල් වතුර... ටිකක් එහායින් පෙනෙන්න තිබුනා මහතුන්ගේ විවේක කාමරය කියලා පොඩි බෝඩ් එකක් ගහපු කාමරයකට ඇතුල් වෙන දොරටුවක්... ඔය දොරටුව අයිනේම වැටිලා තියෙනවා දැක්ක යන්තම් පන අදින, නිවීගෙන යන සිගරට් කොටයක්... ඒ කියන්නේ මම තනි නෑ...
වියපත් වූ පසු
- Get link
- X
- Other Apps
දැරිය නොහැකි බර ඇද්දෙමි දිවිය පුරාවට හෙටක් ගැන අදහසක් නැත අද නින්දට යන මට කොතරම් ගැරහුම් ලැබුනත් සමාජයෙන් මට කිසි තරහක් නම් නෑ නුඹලා ගැන මට වියපත් වෙලා මා සිටිනා ඉසව්වේ ගොදුරක් සොයා දවසම සැරිසැරුවේ බඩගින්නත් වදයක් ලෙස මට සිතුනේ දෙවියන් වුවද නොබලති වියපත් අප දේසේ අඹු දරුවන් රැක්කෙමි මම දිවි පුරාවට ඇති හැකි ලෙසින් සෙත සැදුවෙමි ලක් මවට මම සිටවූ පැල උස ගොස් අහස උසට ගෙඩියක් කඩන් කන්නට වාරුව නැත මෙමට
සොහොන හන්දිය - 1
- Get link
- X
- Other Apps
අපේ ගෙදරට යන පාර තිබුනේ ගමේ සොහොන් පිටිය ලඟින්, ඇත්තම කිව්වොත් ශොර්ට්ම කට් එක තිබ්බේ සොහොන් පිටිය මැදින්.. හවස හයෙන් පස්සේ ඕක මැද්දෙන් ගියොත් ඉතින් ඩෝප් කාරයෙක්, නැත්නම් සතෙක් සිව්පාවෙක්, නැත්නම් ලොකු හදිස්සියකට දුවන හිත හයිය එකෙක්.. කාලෙක ඉඳන් රාත්‍රී කාලෙ එක එක දේවල් ඔතන උනා කියලා කට කතා තියෙනවා... ඇවිදින මලමිණී එහෙම දැකපු උදවියත් හිටියා, වැඩේ කියන්නේ බය වෙන එකා එතනම සිහි නැති වෙලා වැටෙනවා.. ඊට පස්සේ ඌට සිහිය ගත්තේ අහල ගම් හතේම නම් දරා සිටි මණි කට්ටාඬියා කියන ගුරුන්නන්සේ.. ගාල්ලේ කරණ්දෙනිය අවට කරක් ගහපු කෙනෙක් ඉන්නවා නම් උන්දෑ ගැන අහලා ඇහි... ඉතින් සිහිය ආවට පස්සේ ඌට උන් හිටි තැන් මතක නෑ. ඉතින් කොහෙද වෙච්චි දෙයක් දැනගන්නේ.. ඒලෙවල් කරන කාලේ ගෙදරට හොරා වල බහින එක සාමාන්‍ය දෙයක්, ඉතින් ඔහොම කොහේ හරි ගුබ්බෑයමක රින්ගුවාට පස්සේ රෑ වෙන්න කලින් ගෙදර යනවා බොරු.. අන්තිම බින්දුව දක්වාම සටන් කරලා තමයි එන්න වෙන්නේ.. කට්ටියම ෆුට් බයිසිකලෙන් තමයි ගමන.. හෙල්මට් ඕනේ නෑ, ලයිසන් ඕනේ නෑ, වැඩිපුර මගීන් පටවන් ගියා කියලා දඩ ගහන්නේ නෑ... ඔය කොහේ යන අතරවාරෙ පැච් එකක්, චේන් එක කැඩීමක් වගේ අබ...
__සත්කාරයට කෙටි වදනක්.
- Get link
- X
- Other Apps
කොළඹ හතේ ලොකු ගෙවල් වල පොහොර කකා හැදෙන, ඉංගිරිසි නම් වලින් හඳුන්වන සුපිරි මල් ගස් වගේම, ඒවා හිටි ගමන් අපිට හම්බෙනවා ගම්මාන වල කලෑවල් ඇතුලේ තිබිලා... හැබැයි ඒවාට පොහොර, වතුර දානේ නෑ කවුරුත්... ඉබේටම හැදෙනවා බොහොම දුප්පත් විදියට... නියන් කාල වලදි යන්තම් තමයි පණ ගැටගහගන්නේ... ඉතින් අපේ මේ වෑයම එවන් මල් පැල කිහිපයකට අපිට හැකි අයුරින් වතුර ටිකක්, පොහොර ටිකක් ගෙනිහින් දාන්නයි.... හෙට දිනයේ සුපිපෙන මලින් ගම රට සුවඳවත් වෙයි... හටගන්නා ගෙඩි වලින් රටට සේවයක් වෙයි... අපේ වෑයමේ සාර්ථකත්වය අපිට දකින්නට නොලැබුනත් වතුරින් පොහොරින් පණ ගහලා නැගිටින පැල දැකලා අපිට සතුටුවෙන්න පුළුවන් අනාගත කාලෙදි ලොකු සේවයක් කරයි කියන බලාපොරොත්තුව උඩ අපි අපේ සත්කාරයට කරගහමු... ඔබ අප කාගේත් ගඩොලින්, බදාමෙන් ඉදිවන රූ පවුලට උනුසුම් සුභපැතුම්... ජයෙන් ජය
- Get link
- X
- Other Apps
කවිකාර හිත ගාව නවතින්න හිතුවාට පව්කාර කම ගාව අසරණයි මගේ හිත දඟකාර ඇස ගාව නතර උනි මගේ සිත නොපෙනෙන්න කිසිවකුට මල්ලක දමා ගුලි කොට විසි කරනු පාර පැත්තට නොපෙනෙන්න කිසිවකුට පාරේ යන ලොරියකට යටවී මැරී යන්නට ඇසුනාට මර හඬ එන්න එපා පාර දිහාවට කියන්නට එපා කිසිවකුට විසිකෙරුවේ නුඹ වග නොපෙනීම කිසිවකුට පාවෙලා යාවි දුර ඈතකට
වැලිකන්දේ සෆාරිය අංක 4
- Get link
- X
- Other Apps
ඉතින් දවසම වැලිකන්දේ කැලේ වැස්සේ තෙමි තෙමීම කරක් ගැසූ අපි ජීවාගේ නවාතැන්පලට විත් නාගෙන, කඩිමුඩියේ ලෑස්ති වී දහවල් ආහාරය ගෙන සමුගැනීමේ මොහොත හෙවත් සෆාරියේ දුක්බරම අවස්ථාවට සූදානම් උනා.. ජීවාගේ විතරක් නෙමෙයි අම්මාගෙත් මූන ඇඹුල් වෙලයි තිබුනේ.. හවස හතරයි කාලට තමයි කටුවන්විල සිට වැලිකන්ද බලා ධාවනය වන බස් රථය ඒමට නියමිතව තිබුනේ... ඒලියට බැහැලා සමුගැනීමේ පින්තූරෙට මුහුන දෙන්න අපි සූදානම් වන අතරතුරේ නිලා පොටෝ මැශිම පුටුවක් උඩ තියලා වැඩේට සූදානම් උනා. ඉතින් පොටෝ එක එහෙම අරගෙන අපි පාරට බහින්න සෙට් වෙද්දිම බස් එක ගියයි කියමුකෝ :( ජීවාගේ අදහස නම් උනේ රෑ දොලහේ බස් එකේම අපි පිටත් විය යුතු බව. ඒ දෙන්නාම කමතියි අපි හැමදාම උනත් එහේ ඉන්නවට, ඒත් ඉතින් අපේ ජීවිකාව කරගන්න කොළඹ එන්න එපැයි.. ඇඬූ කඳුලින් ජීවයි අම්මයි බලාගෙන ඉද්දි අපි ඒ දෙන්නාගෙන් සමු අරගෙන ඇවිදින පය දහස් වටී කියලා එන්න පිටත් උනා. තෙත රෙදි නිසා බෑග් එක තවත් බරයි. ඒකටත් හරියන්න මගේ බෑග් එකේ පටිත් කැඩිලානේ තිබුනේ.. අපි ඉතින් ජීවිතේ එක එක දේවල්, විශ්මය ජනක දේවල් එහෙම කතා කර කර කැලේ මැදින් වැටුන පාර දිගේ ඉස්සරහට ඇදුනා.. වැඩි ...
වැලිකන්දේ සෆාරිය ආංක 3
- Get link
- X
- Other Apps
මට හිටි හැටියේම උවමාම දේ අමතක වීම සාමාන්‍ය දෙයකි.. මනම්පිටිය කියන නම මතක් කර කරම ආවේ ඒකත් අමතක විය හැකි බැවිනි... බස් එකට නැග්ග ගමන් දුටු දේවල් නිසා පොඩ්ඩක් විතර හිත ගැස්සුනා කිව්වොත් මම නිවැරදිය. කොන්දා ලඟටවිත්... අයියේ කොහේටද.. කිව්වාම මම උඩ බිම බැලුවේ බහින තැන මතක් කිරීමටයි... ම මනම්පිටිය හන්දියට.. බහින තැන පොඩ්ඩක් මතක් කරන්න යයි අන්තිමට කිව්වේ මනම් පිටිය සෙවීමට ගූගල් මැප් එක ලඟ නොතිබුනු නිසාවෙනි... මනම්පිටියට කලින් තියෙන නගරය ගැන විමසා ජීවාට යැවූ මැසේජ් එක තාමත් ඩිලිවරි පෙන්ඩින්ය... ජාතික දුරකතන ජාලයේ උන්ගේ අම්මලා තාත්තලාට නියුමෝනියාව නොහැදුනොත් පුතුමය.. බස් එක්ක එන්ටර් වූයේ පට්ට කැලෑවකටයි.. දෙපැත්තේම ගස් වැවී පාර උඩින් වහලක් මෙන් වැසී ඇත.. කොළඹත් මෙහෙම උනා නම් මරු ඇහ්... මම මටම කියාගතිමි... නගර කිහිපයක් පසු කරමින් බසය ඉදිරියට ඇදුනි.. දෙසාට කෙලවෙන්න මට හරියන්න... අප්පටසිරි කස්සාට ඉඳගන්නට සීට් එකක් සෙට් විය.. වාඩි උන ගමන්ම ලන්ග ඉඳපු මාමාගෙන් ඇසුවේ කොහේට වෙනකන් යනවාද කියායි. මාමා: බස් එකද..? මම: නෑ ඔයා.. මාමා: මඩකලපුව හන්දියට මම: මනම්පිටිය හන්දිය කොයි හරියෙද.....
වැලිකන්දේ සෆාරිය ආංක 2
- Get link
- X
- Other Apps
දෙසාගෙන් ඇමතුමක් එනතුරු මද වේලාවක් බලාසිටි මම, සිග්නල් ආවරන කලාපයේම දුරකතනය තබා, වැව පැත්තට ගියෙමි. වේලාව උදේ හයයි තිහ පමණ ඇතැයි අනුමාණ කරමි. වැස්ස නිසා වැවේ වතුර මට්ටමටම මීදුම බා තිබුනි. මෙවන් අවස්ථාවක වැවකට බසින්නට තරම් මා පිං කොට තිබුනි. වහා කැමරාව මානා පැනෝරමා දෙක තුනක් ගත් මම, වැව අවට තිබූ ගස් වල, මල් වල පින්තූර කිහිපයක් ලබා ගතිමි.. ඉර දෙවියෝ නම් වඩින්න තියා ඒ ගැන අදහසක් වත් නැති පාටය.. මම එතැන පැය එක හමාරක් වත් ගත කරන්නට ඇත... නැවතත් රාත්‍රී නවාතැන් ගත් නවාතැන්පොල වෙත අකමැත්තෙන් වුවද පිය මැන්නෙමි.. බොහෝ දෙනෙකු සූදානම්ව බස් රථයට ගමන් මලු රැගෙන එමින් සිටියහ... කොහේද මල්ලි ගියේ අන්න උඹේ පෝන් එක කෑගහනවා... මිස් කෝල් බරගනනකි... එස් එම් එස් දෙක තුනක්ද විය... "කෝ යකෝ තෝ... නිලා තාම මග, යනගමන්ලු... " ඒ දෙසාගෙනි.. දෙසාට ඇමතුමක් ගෙන සීන් එක හරිහැටි දැනගතිමි.. ට්‍රින්කෝ යනගමන් සිටි නිලාව පොලොන්නරුවට ගෙන්වා ගැනීමට දෙසා සමත් වී ඇත... පොඩ්ඩක් හිටු තව පාරක් කල්පනා කර බැලිය යුතුය.. ආයෙත් මම සෙට් උනේ වැටක් උඩටය... මුන් එක්ක දුන්හිඳ යනවාද, උන් එක්ක පොලොන්නරු යනවාද... උ...
වැලිකන්දේ සෆාරිය ආංක 1
- Get link
- X
- Other Apps
පහුගිය විසිහය වැනිදා දින තුනක විනෝද චාරිකාවක් සඳහා කාර්යාලයේ මිතුරන් සමග යාමට ඔවුන් සියලු කටයුතු සූධානම් කොට තිබුනත් අවසාන මොහොත වන තෙක්ම මාගේ සාහභාගීත්වය තිබුනේ වැට උඩය. උදේ පාන්දරම සගයන්ගේ දුරකතන ඇමතුම් වලින් අඩුවක් නොවූ හෙයින් අතට අසු වූ අඳුම් කිහිපයක් ගමන් මල්ලක ඔබාගෙන ගමන යන්නට සූදානම් උනෙමි. අන්තිම මොහොත දක්වා ගෙදරට නොදන්වා සිටීම බරපතල වැඩ ඇතිව දඬුවම් ලැබිය යුතු වරදකි. හොඳ වෙලාවට ගෙදර සිටියේ අම්මා පමණකි. වෙනදා නොවැඳි වැඳුම් කර කෙසේ හෝ අවසර ලබාගෙන ගෙදරින් පැන ගතිමි. ලාබ බඩු වල හිල් තිබීම සාමාන්‍ය දෙයකි ඒත් සිදු වූයේ නිකන් ලැබුන බෑග් එකේ පටිය ගෙදරින් එලියට බැසීමටත් පෙර කැඩීමය. ආපසු හැරෙන්නට වෙලා නොතිබුනු හෙයින් කෙසේ හෝ කුදලාගෙන ඔෆීසියට ගොඩ වැදුනෙමි. *මෙතනට අදාල නොවන හෙයි කතාවේ මැද කොටස මග හරිමි... දින දෙකක් මහියංගනය ප්‍රදේශයේ නොයෙකුත් තැන් වල සිරි නරඹමින් කාලය ගත කලෙමු.. තුන් වෙනි දින උදේ පාන්දරම පොල් ගෙඩි සයිස් වතුර වැටෙන වරුසාවකි.. හදිසි කටයුත්තක් සඳහා දෙසා පොලොන්නරු ප්‍රදේශයේ සැරිසරන බව ආරංචි වූයේ පෙරදින රාත්‍රියේදීය.. දුරකතනය අතට ගෙන සිග්නල් සොයා දැවන්ත මෙහෙය...
- Get link
- X
- Other Apps
විල්ලුව දිගේ මම ඇවිද සෙව්වෙමි නුඹ කොහේදෝ හැන්ගුනේ උන්නු තැන නුඹේ සලකුනක්වත් ඉතිරි කරනම් නෑ අනේ.. කූඩුවත් නෑ ගසත් නෑ අද පළාතම පාලුයි පණේ යන්න හැකිනම් පියඹලා මට නුඹ සොයා එමි මගේ ප්‍රියේ සිහි සුන් වෙලා මම තවම සොයනෙමි මගේ පණ කොහිදෝ අනේ කිව්ව දේ මම අහුවනම් නුඹ අදත් ඇත මගේ කූඩුවේ නුඹ නොමැති ලොව තනි වෙලා කිම මමත් මිය යමි ගං දියේ
- Get link
- X
- Other Apps
මට කතා කරන්න බෑ උපතින්ම ගොලුයි මම ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා මගේ අත් දෙකම නෑ.. මම ජීවත් වෙන්නේ වලන් හදන වැඩපලක කකුල් දෙකෙන් මැටි අනලා හම්බවෙන මුදලින්... මම උපතින්ම අන්දයි මම ජීවත් වෙන්නේ පාරේ සින්දු කියලා හම්බෙන මුදලින්... මගේ කකුල් දෙකම නෑ.. මම ජීවත් වෙන්නේ.. රෝද පුටුවෙන් පාරවල් ගානේ ගිහින් ලොතරැයි විකුණලා... මම හොඳට ඉගෙනගෙන කාර්‍යාලයක ගිණුම් වැඩ කරන්නේ... මම කැතයි, කලුයි, කොටයි කියලා එයා මට කැමති උනේ නෑ, මට ඉතින් මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ, මං යනවා මැරෙන්න... *කවියක් නම් නෙමෙයි, කියවලා ගන්න තියෙන දෙයක් ගන්න... එහෙම දෙයක් හම්බුනේ නැත්නම් කතා කරන්න.. :)
කවි පොත Missed
- Get link
- X
- Other Apps
පරන කුණු ඔක්කොම හොඳ හැටි අතුගාලා ගුලිකර තඩි බක්කියකට තද කර ඔබාලා විසි කෙරුවා ලොබ කම් පැත්තක තියාලා අද උදේ නැගිට බලුවෙමි කවි පොත සොයාලා මලකෙලියයි ඒකත් මම කුණු ගොඩටම විසි කරලා නොදැනිම මගේ අත ලොකු වරදක් කරලා මගෙ තනිකම ගැන නුඹ විතරයි දැනගෙන උන්නේ.. හිතට ආපු හැම මගුලම එතනනෙ තිබුනේ... දුටුවොත් මගදි මගහැරදා නුඹ නොයන්නේ... පිං සිදුවෙයි පොත හැකිනම් රිටර්න් කරන්නේ...
- Get link
- X
- Other Apps
තනිකමින් හමදාම මම උන්නේ කාමරේ ලඟකදි ඉඳන් දැල් බැඳන් මකුලුවෙක් කෙලවරේ ඊයේ වෙනකන්ම ඌ හිටියා පාඩුවේ අද මෙන්න පැටලිලා තව එකෙක් උගේ දැලේ තනිකඩව හිටි වෙලේ ඌ හිටියා මං වගේ ඌත් දැන් හිනාවෙන්නේ මට කින්ඩියට වගේ ඇයි යකෝ බොටත් දැන් මුල අමතකයි වගේ දැන ගනින් උඹ ඉන්නේ තවම මගේ කාමරේ කේන්තියෙ නිසා මන් කිව්වේ සැරයෙන් වගේ දැල දමා උන් ගිහින් බලනකොට අද උදේ මට පුරුදු තනිකමේ ආයේ තනි උනා වගේ ගිය තැනක සතුටින් ඉඳින් මගෙ මකුලු යාලුවේ..
- Get link
- X
- Other Apps
දෑසත් පියා සුදුවතින් සැරසිලා දෑතත් එකට බැඳ තබා නුඹ ඉඳියි අද සැතපිලා.. වෙනදා නුඹ සිටියා මා එනතුරු දොරකඩට වෙලා සිනහව කතාව නැවතිලා නුඹ ඉඳියි අද සැතපිලා.. මා තවමත් හිඳියි නුඹ ලඟටම වෙලා මගේ රන් කඳ ඇයි මා තනි වෙලා නුඹ ඉඳියි අද සැතපිලා.. මගේ ජීවිතෙත් මග නැවතිලා නුඹේ චරිතය හදිසියේම නවතලා යන්නේ කොහේද ප්‍රියේ මා දමා නුඹ ඉඳියි අද සැතපිලා..
- Get link
- X
- Other Apps
අතට අසුවන හැඩ ගලපමින් මවා ගත්තෙමි නුඹේ රුව මම කනට ඇසෙනා හඬ ගලපමින් මවා ගත්තෙමි නුඹේ හඬ මම තනිවෙලා මම අඳුරු ලෝකෙක එළිය කවදද දකින්නේ මම දහසකුන් නෙක ප්‍රශ්න අසමින ලොව දකින්නට වෙර දරමි මම නිරතුරා මගේ ලඟම රැඳෙමින අඳුරු ලෝකෙට පහණ වුනි ඔබ හෙට දිනක යලි එලිය දකිනට දිරිය දුන් ඔබේ හඬ නොමැත අද වෙනදා උදයෙම ලඟට විත් හිඳ නලලත සිඹ උනි මා තුරුල් කර මහ සෙනග විත් කෑ ගසන හඬ සමහරෙකු ඉඳහිට ඉකි ගසයි තව ඇසුනි සමහරු විමසනා හඬ අර ඉන්නේ තනි වුන කොලු පැටියා නෙව දින දෙකක් ගතවුනි නොනිදාම මම ඔබේ හඬ තවම නෑ ඇසුනේ මගේ කනට මටත් නොකියා නුඹ ගොසින් ඇත මගේ ලොව තිබු එකම පහණ් සිල පතමි නුඹ හට උතුම් බුදු බව මතු සසරෙ උපදිනා භවයෙක
- Get link
- X
- Other Apps
මට ආසයි, පොලිස් කාරයෙක්ගේ තුවක්කුව උදුරගෙන දුවන්න... ගමේ එවුන් ඉස්සරහා අහසට දෙකක් තියලා පොරවෙන්න... එතකොට, මටත් ඉන්න පුලුවනි වෙඩි ගුණේ වගේ.. කුඩු නිහාල් වගේ.. ඉන්න.. පච්චෙකුත් කොටාගන්න ඕනේ... එතකොට මටත් ප්‍රසිද්ද වෙන්න පුළුවන්... ඒත් අමාරුම වැඩේ තුවක්කුවක් උස්සන එක නෙමෙයි... පත්තුවෙන තුවක්කුවක් අතේ තියෙන පොලිස් කාරයෙක් සොයාගන්න එක...:(
- Get link
- X
- Other Apps
ඔෆිසියේ තේ හදන්නේ වයසක කෙනෙකි.. ඔහු ලඟට එනවිට මගේ තාත්තාගේ රුව මැවුනී.. ඔහුට දාව උපන් දරුවන් පස් දෙනෙක් වෙතී.. තවමත් ඔහු බඩ වියත වෙනුවෙන් වැඩ කරතී.. දරුවන් වෙනුවෙන් මුලු ජීවිතය පුදා.. සතුටු කඳුලු හෙලයි උන් මහතුන් වනදා.. ඇයි දරුවනේ මුල අමතක රජ උනදා... උඹලගේ පියා තවමත් වැඩ වගෙයි පෙරදා.. උඩ සිටිනා දිවියන් මේවා දිටිය යුතුය.. මෙවන් එවුන් දඬු කඳේවත් ගැසිය යුතුය.. කිසිවිටෙකත් මුල අමතක නොකල යුතුය... මුල අමතක එකා රජ වූවත් කම් නැතිය..
තාරේ සමීන් පර්
- Get link
- X
- Other Apps

මට මතකයි මම ප්‍රාථමික පන්තිවල ඉගෙනගන්න කාලේ, වෙනම ලමයින් කොට්ටාශයක් හිටියා අකුරු බැරි අය කියලා වෙන් කරලා. ඒ සෙට් එකම පන්තියෙන් කොන් කරලා වගේ හිටියේ. උගන්නන ගුරුවරු පවා උන්ව ගනන් ගන්නේ නෑ. කොච්චර කියලා දුන්නත් අකුරු ලියන්න කියන්න බෑ.. ගුරුවරු උගන්වන්න උත්සාහ නොකලාම නෙමෙයි.. ඒ ලමයින්ට ගුරුවරු තේරුම් ගන්න බැරි කමද, නැත්තන් ගුරුවරුන්ට ඒ ළමයින්ව තේරුම් ගන්න බැරි කමද, පහ වසරට යනකනුත් සිංහල හෝඩියේ අකුරු බෑ කියන්නේ ලොකු ප්‍රශ්නයක්, වගකීව යුත්තෝ කවුරුන් වුවත් මේ ළමයින්ගේ අනාගතේට මොකද වෙන්නේ. කවුරුත් නෑ ඒ ගැන කතාවක්.. මට මතක විදියට ඒ ළමයින්ගේ බොහොම පිරිසක් ඉස්කොලේ ගමන අතෑරියා. සමහරක් අය සෑමාන්‍ය පෙල විභාගෙටත් මුහුණ දුන්නා.. "තාරේ සමීන් පර්" ගුරුවරයෙක් හා ළමයෙක් අතර ගෙතුන ලස්සන කතාවක්, බොහෝ දෙනෙක් මේක නරබලා ඇති. ඉගෙනගන්න බෑ කියලා කවුරුත් කොන් කරලා ඉඳපු ළමයෙක්ව ලඟින් ආශ්‍රය කරලා. තේරුම් අරගෙන ඔහුටම ගැලපෙන ඉගෙනීම් රටාවකට හුරුකරවන සාර්ථක උත්සාහයක යෙදෙන ගුරුවරයෙක්. සැබෑ ජීවිතයේදී නම් කවදාවත්ම දැකලා නෑ.. හැබැයි අදටත් මේ වගේ ළැමයින් ඕනෙ තරම් ඉන්නවා. එයාලගේ අනාගතේ කොහොම විසඳෙයිද..? ජීවිත කතා...
විදු මවුණි දයාබර...
- Get link
- X
- Other Apps
නුඹේ සෙවනින් මිදී සය වසක් ගත වුවද... තවමන් නුඹේ සෙනෙහස නොඅඩුව දැනේ මට... නුඹ අසලින් මා යනෙන විට ඉවත බලාගනු කෙලෙස... නුඹ තුරුලේ එකට උන් මිතුරු කැල අද විහිදිලා ඇත සැම අත, උන් උන්ගේ ලෝකවල... අපි ආගිය තැන් වල අළුත් මුහුණු අද ඇත... නුඹත් සුපුරුදු ලෙස උන්ගේ නැණ වඩනු ඇත... පිදුමට අවසරයි නුඹේ දෙපා සුපුරුදු ලෙස... තවමත් ආදරෙයි මම විදු මවුණි දයාබර...
__මගේ ලෝකේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ.
- Get link
- X
- Other Apps
මං ඉපදුන දවසේ එලියේ බංකුව උඩ නොඉවසිල්ලෙන් ඉඳගෙන ඔයත් අඬන්න ඇති, මං අඬන සද්දේ ඇහිලා, ලෝකෙටම ඇහෙන්න සතුටෙන් කෑගහන්න ඇති, ඒ දවස මට නැතත් ඔයාල දෙන්නටම මතක ඇති... එතනිනුයි කතාව පටන් ගන්නේ... එතනිනුයි මම ජීවිතයේ මුල් අඩිය තියන්නේ... දිව රෑ නොබලා දැරූ මහන්සියේ ප්‍රථිඵල ගෙදර ගේන්න ඇති, මොනවත් නොදන්න ගානට මමත් ඒ හැමදෙයක්ම විඳගන්න ඇති... හැමදාමත් මගේ ලෝකේ හැඩකරන්න, සියල්ල අවංක හදවතින් කැප කල නුඹගේ තතු කියන්නට, ගුණ ගයන්නට මා සතු වචන ප්‍රමාණවත් නැත.... තවත් බොහෝ කල් මගේ ලෝකයේ රජ කරන්නට ශක්තිය දහිර්යය ලැබේවා..
- Get link
- X
- Other Apps
අපි, නොයෙක් ප්‍රදේශ වල, අනේක විද පාරවල් වල ඇවිදලා ඇති සමහරක් පාරවල් අළුතෙන් අඳුනගන්නේ, සමහර විට නොදන්න පාරවල් කාගෙන් හරි අහගන්නවා.. ඔය යන අතරෙදි පාරවල් වරදිනවත් එක්ක සමහරක් පාරවල් වල නිතරම යනවා... තුන්මන් හංදි, හතරමන් හංදි, පස්මන් හංදි ඕනේ තරම් පහු කරන්න ඇති.... නොයෙක් ස්ථාන වල ගිහින් ඇති... අනේක විද පුද්ගලයෝ හම්බවෙලා ඇති... හරියට අපේ ජීවන ගමන වගේමයි..
__සුන්ඳර සැඳෑවකි
- Get link
- X
- Other Apps
අහන් ඉන්න ආසයි නුඹේ දෑස කියන කතා මගේ නෙතත් නුඹත් එක්ක හරි හරියට කතා අහන් ඉන්න හිත පුරාම හීන ගෙනෙන කතා කාටත් හොරෙන් මුමුණන්නද ආදරෙ ගැන කතා කවුරුවත්ම නොයෙනා අර රේල් පාර දිගේ ඇවිද යමුද හැඳෑවක තුරුලු වෙමින් ඔහේ සිහින් පින්න වැටුනෝතින් දේදුන්නත් තියේ පාට ගනිමු තරඟෙට අපි පුංචි එවුන් වගේ උඩරට මැණිකෙත් හූ කිව්වේ නෝන්ඩියට වගේ අපි දෙන්නව කවදාවත් දැකලම නෑ වගේ රතු අහසින් සැන්ඳෑ ඉර බැස යන්නා වගේ නොපෙනි ගියේ ගස්ස ගස්ස උජාරුවෙන් වගේ පාළු කපන කුරුළු රෑන අද නිහඬයි වගේ මලින් මලට යන ඹබරුත් ගෙදර ගිහින් වගේ අපි එන බව කලින් ඉඳන් දැනන් උන්නා වගේ පරිසරයම අද නිහඬයි කතා බහට අගෙයි
__අවුරුද්ද
- Get link
- X
- Other Apps
මට අද වගේම මතකයි මම පොඩි කාලේ මග බලන් උන්නා අවුරුදු කුමාරයා එනකන් නෙමෙයි තාත්තා අවුරුදු අරන් එනකන්.. අපිට හැමදාමත් අවුරුදු ගෙනාපු තාත්තා, අවුරුද්දට අළුත් ඇඳුමක් ඇන්ඳ බවක් මට මතක නෑ... අද, තාත්තා මග බලන් ඉන්නවා... අවුරුදු ගේනකන් නෙමෙයි, මම ගෙදර එනකන්.... ඒත්, එදා තාත්තා නොවිඳි අවුරුද්ද අද මට දෙන්න පුළුවන් නම්....
__හීනියට හාර්ඩ් ටෝක් එකක්
- Get link
- X
- Other Apps
අරමුණු විවිධ උනත් අවසානය එකයි... හැබැයි අපි කාගෙවත් ලඟ අවසානය ගැන අරමුණක්, දැක්මක් නෑ... ඒක කොයි වෙලාවේ, කොතන, මොන විදියට වෙනවද කියන්න අපි කවුරුත්ම දන්නේ නෑ... ඒත් කවදා හරි අපි යන්නේ එතනටයි... යන දවසට ගෙනියන්න කෙසේ වෙතත් ඉන්න ටිකේ ජීවිතේ ගැට ගහගන්නත් පුදුම ගේමක් දෙන්න ඕනේ... ජීවිතේ අපි කාටත් අභියෝගයක් වෙලා... ඒක එන්න එන්නම දරුණු වෙනවා... වගකිව යුත්තෝ හොයලවත්, උන්ට ගහලා බැනලාවත් වැඩක් නෑ... කොහොමින් හරි ජීවිතේ ගැටගහගන්න අපි දැනගන්න ඕනේ... වැඩේ හිතන තරම් ලේසි නෑ... හැබැයි ඒ හැටි අමාරුවකුත් නෑ... ලිඳේ වැටුන මිනිහ ලින් කටින්ම ගොඩ එන්න ඕනෙ කියලා, කම්මලි කමට ගෙම්බෝ වගේ ඒක ඇතුලටම වෙලා හිටියේ ඉස්සර... දැන් පොඩ්ඩක් වෙනස්, මොලේ ඇති එකා ලින් කටින් බැරිනම්, වෙන ක්‍රමේකින් හරි ගොඩට එනවා... මට මතකයි මම සාමාන්‍ය පෙල කරලා, ප්‍රතිඵල එහෙම නිකුත් වෙලා, ඉස්කෝලෙට ගියා, උසස් පෙළට අයදුම්පත් බාර දෙන්න... අමාරුම වැඩේ උනේ, උසස් පෙළ කරන්නේ මොනවගෙන්ද කියලා තෝරගන්න එක... ගණිත අංශයෙන් බෑ වගේ, ගණන් හදන්න එපයි... විද්යෑ අංශෙනුත් බෑ වගේ, ගණන් මදිවට ගෙම්බො කපන්නත් තියෙනවා කියලා ආරන්චියක් ආවා.. කලා අංශ...